Video - ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා – චමින්ද වාස්

1994 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් චමින්ද වාස් දක්ෂ වමත් වේගපන්දු යවන්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 322කට, ටෙස්ට් තරග 111කට හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 761ක් දවා ගැනීමට සමත් වූ වාස් 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් දිනා ගත් ක්‍රීඩකයෙක්.