Video - අපි ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් දියුණු කරන්න නෙවෙයි! - මහේල ජයවර්ධන

ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ඊයේ (20) දින සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ නම් කළා. එම පත්වීම ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මේ ක්‍රීඩා කවුන්සිලයේ කමිටු සභාපති මහේල ජයවර්ධන මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.