Video - IPL ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා - ක්‍රිස් ගේල් | Extras

2008 සිට නොකඩවා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා. විස්සයි විස්ස තරග රටාව අනුව පැවැත්වෙන ඕනෙම තරගයක ශතකයක් ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකෙත් දැනට ලෝකේ තියෙන හොඳම විස්සයි විස්ස තරගාවලියක වැඩිම ශතක ලාභියා වෙනවා කියන්නේ තවත් ටිකක් අමාරු වැඩක්.