Video - තරගාවලියේ පළමු අර්ධ ශතකය සඳුන් වීරක්කොඩිගෙන්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ‘යුද හමුදා කමාන්ඩෝ ලීග්’ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (Army Commanders League) අද (05) දින ආරම්භ වූ අතර එහි පළමු දිනයේ දී සුපර් ෆැෂන් Northern Warriors සහ ඩීමෝ Southern Warriors කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගත්හ. තරග දෙකම කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විනි.