Video - වමත් කණ්ඩායම හා දකුණත් කණ්ඩායම; කවුරු දිනයි ද? | Extras

1975 ජුනි 7 වැනිදා කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව මංගල ජාත්‍යන්තර පන්දුවාර 50 ක්‍රිකට් තරගය ක්‍රීඩා කළා. එදා ඉඳන් අද වෙනකන් ජාත්‍යන්තර එක්දින තරග 852කට ශ්‍රී ලංකාව සහභාගී වී තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් 192ක් දායකත්ව දීලා තියෙනවා. ඔවුන් ජාත්‍යන්තර එක්දින පිටියේ දක්වපු දස්කම් අනුව වමතින් හා දකුණතින් පන්දුවට පහර දුන් ලෙස වර්ගීකරණය කරලා කණ්ඩායම් දෙකක් හැදුවොත් ඒකට ඇතුළත් වෙන ක්‍රීඩකයින් කවුරුවෙයි ද? අද Extras වීඩියෝ එකෙන් ඒ ගැන බලමු.