Video - මිකී ආර්තර්ගේ පවා පැසසුමට ලක්වූ චන්දිගේ ශතකය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ NCC කණ්ඩායමට එරෙහිව පසුගියදා (11,12,13) කොළඹ SSC පිටියේ පැවති තරගයේ දී දිනේෂ් චන්දිමාල් ලකුණු 129ක් ලබාගත්තා. එම ඉනිම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් පවා සිය නිල Twitter ගිණුම හරහා සුබපැතුම් පළ කර තිබුනා.