Video - වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ක්‍රීඩකයා – අසංක ගුරුසිංහ

1985 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අසංක ගුරුසිංහ දක්ෂ වමත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147කට හා ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කරමින් ලකුණු 6354ක් රැස්කර ගැනීමට සමත් වූ ගුරුසිංහ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් දිනා ගත් ක්‍රීඩකයෙක්.