Video – ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා - මුත්තයියා මුරලිදරන්

1992 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් මුත්තයියා මුරලිදරන් ලොව බිහිවුණු දක්ෂතම දඟපන්දු යවන්නන් අතරින් විශිෂ්ටයෙක්. ජාත්‍යන්තර එක්දින තරග 350ක්, ටෙස්ට් තරග 133ක් හා විස්සයි විස්ස තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 1347ක් දවා ගැනීමට සමත්ව ඇති මුරලිදරන්, දැනට ලොව සිටින වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු දවා ගත් පන්දු යවන්නා වශයෙන් වාර්තා පොත් සරසන්නේ ශ්‍රී ලංකා මාතාවට ඉමහත් ආඩම්බරයක් වෙමින්.